වාහන ආනයනය කෙරෙන කාලය ගැන ජනපති කියයි

වාහන ආනයනය කෙරෙන කාලය ගැන ජනපති කියයි

වාහන ආනයන තහංචි ලබන වසරේ සිට ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෝටර් රථ වෙළඳපොලේ පවතින ගැටළු පිළිබඳ තමා දැනුවත් නමුත් තවමත් ගෙවුම් ශේෂය යහපත් තත්ත්වයක නැතැයි කී ජනාධිපතිවරයා මෝටර් රථ ආනයනය හැර අනෙක් සියල්ලට ඉඩ දී තිබෙන්නේ යැයිද මොටර් රථ ආනයනයනය වුවහොත් නැවත රට ආපස්සට ගමන් කිරීමට හැකියාව තිබෙන බව ත් පැවසීය.

නමුත් ලබන වසරේ සිට පියවරෙන් පියවර, මුලින්ම අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වෙන බව කී ජනාධිපතිවරයා මේ වසරේ සංචාරකයින් ප්‍රවාහන සඳහා යොදා ගන්නා බස් රථ ආනයනයට අවසර දී තිබෙන බවද සඳහන් කළේය.

කොළඹ තරුණ හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.