උඩරට දුම්රියට විශාල ඉල්ලුමක්

උඩරට දුම්රියට විශාල ඉල්ලුමක්

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන සඳහා මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණිමත් සමග දුම්රියේ දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

මේ තත්වය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇත.

විශේෂයෙන්ම සොදුරු ගමනාන්තයක් බව හැදින්වෙන ඇල්ල දුම්රිය ස්ථානයේ දී මේ අහිතකර තත්වය දක්නට ලැබේ.

පාසල් නිවාඩුව නිසා දේශීය මගීන් වැඩිවීමත් වෙනත් රටවල පවතින දේශගුණික තත්වය නිසා නිවාඩුව ගත කිරීමට බොහෝ රටවලින් විදේශිය සංචරකයන් මේ දිනවල මෙරටට පැමිණිමත් මේ තත්වයට හේතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් යුතුව මේ තත්වයට මුහුණ දෙන ලෙසයි.

ඇල්ල සුවිශේෂි දුම්රිය ස්ථානයක් වන බැවින් මෙම දුම්රිය ස්ථානයෙන්ද විශේෂ දුම්රියන්හි ටිකට් ලබාගැනීමේ අවස්ථාව ලබාදිය යුතු බව මගීන් හා සංචාරක මග පෙන්වන්නන් පෙන්වා දෙති.

Share This