දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 14 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 14 වන අඟහරුවාදා

රාහු කාලය
2:52 pm – 4:21 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

රාජකාරි බහුල වෙයි. තම ව්‍යාපාරවලද ජයදෙයි. සේවක සේවිකාවන් තමනට පක‍ෂව කි්‍රයා කරයි. තම තැන්පත් ධනය වර්ධනය වන කි්‍රයාවන් යෙදෙන අමතර ලාභද ලබන දිනකි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුවේ.

Date: 2023-11-14

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

කි්‍රයාශීලී දිනකි. රාජකාරි මෙන්ම අමතර කි්‍රයාකාරකම් ද බහුලයි. අතපසුවීම් ද සිදුවෙයි. දුරදිග බලා කි්‍රයා කළ යුතු දිනකි. රැවටිලිවලටද හසුවීමට ඉඩ තිබේ. බුද්ධිමත් විය යුතුයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-11-14

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මිථුන

රාජකරි බහුලයි. අවිවේකී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් සිත් චංචල වෙයි. දුරදිග බලා කි්‍රයා කළ යුතු දිනකි. විදෙස් රැකියා ලාභ ලබන දිනකි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි.

Date: 2023-11-14

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

මිශ්‍ර ඵල ගෙනදෙයි. මිතුරු වෙසින් සිටි සතුරන්ගෙන් ඈත්වන කරුණු යෙදේ. තම තැන්පත් ධනය වර්ධන කි්‍රයා යෙදේ. නවක මිතුදම් තම යහපතට පවතී. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-11-14

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ශුභාශුභ ඵල දෙයි. ගමන් බිමන්ද බහුල වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීමෙන් තරමක් අවාසි සිදුකර ගනී. බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. සෙම් රෝග මතුකරයි. තරමක් කලකිරීම් මත ක්‍රියාකරන දිනකි.

Date: 2023-11-14

ජය අංකය: 03
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. සුළුවෙන් හෝ ප්‍රීතිසාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තරමක් මිල මුදල් වැය කිරීමටද සිදුවන අතර සිරස ගත රෝගද මතුකරවන දිනකි. පොදු සේවා කටයුතුවලද යොමුවේ.

Date: 2023-11-14

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

සුපුරුදු ක්‍රියාකාරකම්වල යෙදීමට සිදුවන අතර සැහැල්ලුවෙන් ක්‍රියා කරයි. ඇසල්වැසි සබඳතා වර්ධනය කරවන ක්‍රියාවන්වලද යෙදේ. සෙම් බහුල රෝග පෙනහළු රෝග මතුකෙරේ. ආගමික වතාවත් ගරු කරයි.

Date: 2023-11-14

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සුළු සුළු ගමන්වල යෙදෙන අතර කාලය සහ ධනය වැයවන දිනකි. ගැටලුසහගත කරුණු මත රාජකාරි ක්‍රියාවන්වලද යෙදෙන අතර වාත රෝග ඉදිමුම් රෝග මතුකරයි. තරමක් මනසට අවිවේකයද මතුකරන දිනකි.

Date: 2023-11-14

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. බලාපොරොත්තු රහිත මිල මුදල් වැයවේ. ආදායම් මාර්ගවලද තරමක් හිරවීම් ඇතිවෙයි. දහමට අවතීර්ණ වෙයි. ඌෂ්ණාධික රෝග සෙම් රෝග ඇතිවෙයි. ප්‍රීති සාදවලටද යොමුවේ.

Date: 2023-11-14

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා රෝස
Qries

මකර

අසල්වැසියන් සමග ඒකරාශීව ක්‍රියා කරයි. රාජකාරි වැඩ තරමක් අවුල්සහගත තත්ත්ව ඇතිවෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත මිල මුදල් වැයවේ. ලේ ආශ්‍රීත රෝග මතුකරයි. දුරදිග බලා තීරණ ගත යුතු දිනකි.

Date: 2023-11-14

ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව පොදු සේවා කටයුතු ආගමික කටයුතු ආදියෙහි යෙදේ. තම තැන්පත් ධනය තරමක් වැයවෙයි. වාත වේදනා ඉදිමුම් ආදි රෝග මතුකරයි. ප්‍රීති සාදවලටද සහභාගි වෙයි.

Date: 2023-11-14

ජය අංකය: 05
ශුභ වර්ණය: ලා දම්
Qries

මීන

ගමන් බිමන් මත අවිවේකයද ආර්ථියකද තරමක් හීනවෙයි. තම ඥාතියකු නිසා තරමක් වේදනාවට පත් වෙයි. ණය තුරුස් වීමටද ඉඩ තිබේ. සෙම් බහුල රෝග පෙනහළු රෝග සාදයි. දහමටද අවතීර්ණ වෙයි.

Date: 2023-11-14

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රතු,