දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:53 pm – 3:22 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

මේෂ

ක්‍රියාකාරී දිනකි. පොදු උත්සව සමිති සමාගම්වල සමාජ සත්කාරක ක්‍රියා දියත් කරයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදෙන අතර විනෝද ගමන් ද යෙදේ. තම ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වේ. ස්නායුගත රෝග පීඩා මතුකරයි.

Date: 2024-02-01
ජය අංකය: 01
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

සුපුරුදු ක්‍රියාවන්වලට අමතරව සමාජ සත්කාරක ක්‍රියා දියත් කරයි. නව නිපැයුම් ඇරඹීමට හේතුයි. ඉඩකඩම් ලාභ ලබයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. නේත්‍ර රෝග කර්ණ රෝග මතුකරයි.

Date: 2024-02-01
ජය අංකය: 07

ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරන අතර පොදු වැඩකටයුතුවල ද යෙදෙන දිනකි. අමතර වියපැහැදම් අධික වන දිනකි. ණයතුරුස් වීමට ද ඉඩකඩ තිබේ. බෝවන රෝග සෙම් රෝග මතුකරයි.

Date: 2024-02-01

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන අතර ආගමික උත්සව සංවිධානයට ද හේතුයි. කෙසේ නමුත් බලාපොරොත්තු ලෙස වියපැහැදම් සිදුවේ. හදිසි ලාභ ද ගෙන දෙයි. සිරසගත පීඩන ගෙන දෙයි.

Date: 2024-02-01
ජය අංකය: 04

ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභා ශුභ මිශ්‍රඵල උදාකරයි. ගමන් බිමන්ද තරමක් අධික වෙයි. කාලය සීමා වන අතර තරමක් අතපසුවීම්වලට හේතුයි. දහමට ලැදිව ක්‍රියා කරයි. සෙම් කෝප රෝග මතුවීමට ඉඩ තිබේ.

Date: 2024-02-01
ජය අංකය: 02

ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි සිත් යොමුකරවයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට අවතීර්ණ වෙයි. වනෝදජනක කටයුතුවල ද යෙදේ. වාත රෝග මතුකරන දිනකි.

Date: 2024-02-01

ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍රඵලවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව දහමට ලැදිව ක්‍රියාකරයි. දානමානාදි පුණ්‍යකර්මවල යෙදේ. විනෝදජනක ක්‍රියාවන් ද දියත් කිරීමට හේතුයි. දන්ත රෝග නේත්‍ර රෝග මතුවෙයි.

Date: 2024-02-01
ජය අංකය: 08

ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

ශුභා ශුභ ඵල දෙයි. තම නිවස තරමක් උත්සව ස්වරූපයක් ගනී. ඥාති මිත්‍රාදීන් ඒකරාශී වන අතර දුරස්ථ වූ ඥාතීන් ද සමීප වෙයි. දහමට අවතීර්ණව ක්‍රියාකරන දිනකි. වාතාධික රෝග ඉස්මතු වෙයි.

Date: 2024-02-01
ජය අංකය: 09

ශුභ වර්ණය: ළා රතු
Qries

ධනු

ක්‍රියාකාරී දිනකි. නිවස උත්සව ශ්‍රියාවක් ඇතිකරයි. විනෝදයෙන් ගෙවන දිනකි. වැයපස ද ඉහළ යයි. ආගමට දහමට ලැදිව ක්‍රියා කරයි. තම ඥාතීන් දහමට යොමුකරවන ක්‍රියා යෙදෙයි. මුත්‍රා ආසාදන රෝග සාදයි.

Date: 2024-02-01
ජය අංකය: 02

ශුභ වර්ණය: කහ
Qries

මකර

ගමන් බිමන් බහුල වෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වන ක්‍රියා යෙදේ. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. ප්‍රීති සාද උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. කොන්දේ රෝග වාත රෝග මතුවේ.

Date: 2024-02-01
ජය අංකය: 08

ශුභ වර්ණය: දම්
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. විනෝද ගමන් ක්‍රියා ආදියෙහි යෙදේ. සැහැල්ලු මනසින් දවස ගෙවයි. නව සබඳතා මත සිත් සැහැල්ලු වෙයි. ආගමික පුද පූජා ගරුකර ක්‍රියාකරයි. හදිසි ලාභ ලබයි. නේත්‍ර රෝග මතුවේ.

Date: 2024-02-01
ජය අංකය: 05

ශුභ වර්ණය: නිල්
Qries

මීන

ගමන් බිමන් යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. තම වටිනාකම ප්‍රදර්ශනය වන ක්‍රියාද යෙදේ. ආගමික උත්සව වැනි දේවල් යෙදේ. තම ඥාතීන් සමග සුහදතාව වර්ධන ක්‍රියා යෙදේ. සෙම් බහුල රෝග ද මතුකරයි.

Date: 2024-02-01
ජය අංකය: 09

ශුභ වර්ණය: තැඹිලි
Share This