දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 15 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2023 ජූනි මස 15 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය
1:45 pm – 3:19 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
දකුණ

Qries

මේෂ

ශුභාශුභ ඵලදෙයි. උත්සව සභාවන්වලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම වටිනාකම් ප්‍රදර්ශනය වන අතර යහපත් නවක මිතුදම් ඇතිවෙයි. දහමට ද ලැදිව ක්‍රියාකරන දිනකි. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2023-06-15

ජය අංකය: 07
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

තරමක් ගමන් බිමන් බහුල දිනකි. නිශ්ඵල වියදම් ද සිදුවෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල ද යෙදේ. තම පදිංචියේ වෙනසකට ද හේතුයි. ආගමික වතාවත්වල ද යෙදෙන දිනකි. ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි රෝග මතුවේ.

Date: 2023-06-15

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ගමන් බිමන් බහුල වේ. රැකී රක්‍ෂා ස්ථානවල මතවාද ගෙනදෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් සිත් චංචල කරවයි. ළඟම ඥාතීන් නිසා මිල මුදල් වැයවේ. සෙම් කෝප රෝග ඌෂ්ණ රෝග සාදයි.

Date: 2023-06-15

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ මිශ්‍රඵලදෙයි. ප්‍රීති සාද උත්සව වැනි දේවල් යෙදේ. තම ක්‍රියාවන් ඇගයීමකට ලක්වන දිනකි. ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න යහපත්ව නිරාකරණය වෙයි. හදිසි ලාභ දෙයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-06-15

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

ගමන් බිමන් අධික වේ. වන්දනාගමන් විනෝද ගමන් වැනි දේට හේතුයි. පැරණි මිතුදම් වර්ධනය වන කරුණු යෙදේ. සුහදතා වර්ධන ක්‍රියායෙදේ. දහමටද ලැදිව ක්‍රියාකරන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි.

Date: 2023-06-15

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

අවිවේකී දිනකි. දහමට ලැදිව ක්‍රියාකරයි. අධ්‍යාත්මික ක්‍රියාවන් දියත් කරයි. තම ඇසුරු කරන්නෝ දහමට යොමු කරවන වැඩ දියත් කරයි. වැයපස තරමක් ඉහළ යයි. සෙම් කෝප රෝග මතුවේ.

Date: 2023-06-15

ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

ගමන් බිමන් බහුලයි. ප්‍රීති උත්සව සාදවැනි දේවලටද හේතුයි. දහමට ලැදිව ක්‍රියාකරයි. පුද පූජා ආගමික වතාවත් ගරුකරයි. අමතර ලාභද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග වාත රෝග මතුවේ.

Date: 2023-06-15

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සැහැල්ලුවෙන් දවස ගෙවයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවෙයි. තම ළඟම ඥාතිමිත්‍රාදීන් දහමට යොමුකරවයි. සුහදතා වර්ධන ක්‍රියාවන්ද යෙදෙන දිනකි. මූලාර්ශස් රෝග මතුවේ.

Date: 2023-06-15

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

තරමක් කාර්ය බහුල දිනකි. අන් අයගේ අවශ්‍යතාවයන් මතද ක්‍රියාකිරීමට සිදුවේ. ප්‍රීති උත්සව සාදවලද මූලිකව ක්‍රියාකරයි. ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. අම්ල පිත්ත රෝග මතු කරවයි.

Date: 2023-06-15

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා කොළ
Qries

මකර

ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල ගමන්ද යෙදේ. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල ද යෙදේ. තෘප්තිමත්ව දවස ගෙවයි. හදිසි ධන ලාභ ද ලබයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-06-15

ජය අංකය: 06
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

අවිවේකී බව ගෙනදෙන දිනකි. රාජකාරි මෙන්ම අමතර ක්‍රියාකාරකම් බහුල වෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතාමත ක්‍රියාකිරීමටද සිදුවේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි.

Date: 2023-06-15

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල උදාකරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. පැවැති සබඳතා වර්ධනය කරයි. මහජන ප්‍රසාදයට පත්වන ක්‍රියා යෙදේ. හදිසි ධනලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.

Date: 2023-06-15

ජය අංකය: 09
ශුභ වර්ණය: කහ
Share This