දවසේ ලග්න පලාපල – 2023 අප්‍රේල් මස 25 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 අප්‍රේල් මස 25 වන අඟහරුවාදා

රාහු කාලය
3:14 pm – 4:46 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ක්‍රියාකාරකම් බහුල වෙයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධන ලාභ ලබයි. සිරසගත රෝග වලටද හේතුයි.

Date: 2023-04-25

ජය අංකය: 05
ශුභ වර්ණය: සුදු
Qries

වෘෂභ

අවිවේකී දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. විදෙස් ගමන් එවැනි දේ සඳහා ක්‍රියාකරයි. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. හදිසි රෝග, කැඩුම් බිදුම් වලට හේතුයි.

Date: 2023-04-25

ජය අංකය: 04
ශුභ වර්ණය: අලු පැහ
Qries

මිථුන

රාජකාරි වලදී මතභේද වලට තුඩුදෙන ප්‍රශ්න මතුකරන බැවින් ක්‍රියාකාරකම් ප්‍රවේශමෙන් ඉවසීමද මැනවි. ආගමික වතාවත් ගරු කරයි. දුරස්ථව සිටි තම ඥාතීන් සමීප වන කරුණු යෙදේ. සන්ධි රෝග ඉදිමුම් රෝග මතුවෙයි.

Date: 2023-04-25

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ ඵලදෙයි. ගමන් බිමන් බහුලයි. නොකළ වැරදිවලට චෝදනා එල්ලවීමට ඉඩ තිබේ. ව්‍යාපාර ස්ථානවල අඩුපාඩු අවබෝධ වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් වැයපස ඉහළ යයි. හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝගද මතුකරයි.

Date: 2023-04-25

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. බොහෝකොට හුදෙකලාව ගත කරයි. මිතුරන් සමඟ සුහදතාව මතු කරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මරුවකට හේතු වෙයි. ස්නායු ගත රෝග වලට හේතුයි.

Date: 2023-04-25

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ ක්‍රියාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව ක්‍රියාකරයි. තම ඥාතීන්ගෙන් උදව් උපකාරද ලබයි. සෙම් රෝග මතු කරන දිනකි.

Date: 2023-04-25

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමඟ තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතු කරයි. නයතුරුස් වීමටද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල් වල රෝග, අර්ශස් රෝග මතුවේ.

Date: 2023-04-25

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතු කරයි. සිත් චංචල කරවන ක්‍රියාවන් යෙදේ. පවුලේ සාමාජිකයන් සමගද තරමක් වාද මතු කරයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග සිරසගත රෝග මතුවේ.

Date: 2023-04-25

ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන්ද අධිකවීමෙන් වැයපසද ඉහළ යයි. සුහදතා වර්ධන ක්‍රියාවන්වලද යෙදෙන අතර හදිසි ලාභද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතුවේ.

Date: 2023-04-25

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාර වල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාර වලින් ජයගෙන දෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.

Date: 2023-04-25

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

රාජකාරි වලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැයකිරීමට සිදුවේ. තමන්ටද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතුවේ.

Date: 2023-04-25

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල පැවැති අඩුපාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධන ලාභද ලබයි. සෙම් ආශ්‍රිත රෝග, පෙනහළු රෝග මතුවේ.

Date: 2023-04-25

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This