දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 07 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 නොවැම්බර් මස 07 වන අඟහරුවාදා

රාහු කාලය
2:52 pm – 4:21 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදෙන අතර විනෝදකාමී ක්‍රියාවන්හි ද යෙදේ. රාජකාරි ස්ථානවලද කැපී පෙනේ. වැය පසද සැලකිය යුතු ලෙස වැඩිවන අතර හදිසි ලාභ ගෙනදෙන දිනකි. සිරසගත රෝග ද මතුවෙයි.

Date: 2023-11-07

ජය අංකය: 03
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුලවෙයි. නමුත් තම ව්‍යාපාරවල දියුණුවක් දැක ගැනීමට ලැබේ. විවිධ කුසලාත්මක ක්‍රියාවන්හි යෙදේ. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වන අතර ප්‍රවේශමෙන් ක්‍රියාකළ යුතුය. සෙම් රෝග ද මතු කරයි.

Date: 2023-11-07

ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

ක්‍රියාකාරී දිනකි. ඇසුරු කරන්නන්ගේ අවශ්‍යතා මත ද ක්‍රියාකිරීමට සිදුවෙයි. ලිපි ලේඛන ක්‍රියාවලින් ජයදෙයි. සම්මුඛ පරීක්‍ෂණවලින්ද ජය දෙන දිනකි. තම සැලසුම් ජයගත හැකි දිනකි. සන්ධි ප්‍රදාහ රෝග, වාත රෝග මතුකරයි.

Date: 2023-11-07

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ශුභාශුභ ඵලදෙයි. කලබලකාරී වාතාවරණයක් ඇති වේ. දුරදිග බලා ක්‍රියාකළ යුතු දිනකි. තම ක්‍රියාකාරකම් විවේචනයට ලක්වන දිනකි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. හදිසි ධනලාභ දෙයි. මුත්‍රා ආසාදන, අරිසස් වැනි රෝග මතුවේ.

Date: 2023-11-07

ජය අංකය: 05
ශුභ වර්ණය: කහ
Qries

සිංහ

තරමක් අවිවේකී දිනකි. සමාජසේවා කටයුතුවල මූලිකව ක්‍රියාකරයි. ආගමික උත්සව සංවිධානයට සහභාගිවීම් ආදියට හේතුයි. තරමක් මිල මුදල් වැය වෙයි. මුත්‍රා ආසාදන රෝග මතුකරයි.

Date: 2023-11-07

ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්
Qries

කන්‍යා

ගමන් බිමන් බහුලවෙයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. මහජන ප්‍රසාදයට පත්වෙයි. ආගමානුකූල චාරිත්‍ර, දාන ශීලාදී ක්‍රියාවන්වල යෙදේ. හදිසි ධන වාසනා ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සාදයි.

Date: 2023-11-07

ජය අංකය: 02
ශුභ වර්ණය: රන්වන්
Qries

තුලා

අන් අයගේ අවශ්‍යතා මත ක්‍රියාකිරීමට සිදුවන අතර මිල මුදල් ද බලාපොරොත්තු රහිතව වැය වෙයි. ආගමික වතාවත්, උත්සව වැනි දේ යෙදෙයි. ප්‍රීතිසාද වැනි දේවල යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. පෙණහලු ආසාදන රෝග සාදයි.

Date: 2023-11-07

ජය අංකය: 07
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

වෘශ්චික

සැහැල්ලු මනසින් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ඔවුන් වෙනුවෙන් මිල මුදල් ද තරමක් වැය කිරීමට සිදුවෙයි. ආගමික වතාවත් පුද පූජාවන්ට ගරුකර දවස ගෙවයි. ස්නායු රෝග, හන්දි රෝග මතු කරයි.

Date: 2023-11-07

ජය අංකය: 04
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

ශුභවාදී ඵල දෙයි. තරමක් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. රැකියාවන්හි ප්‍රබෝධයෙන් යෙදේ. තම ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. යටපත්ව තිබූ රෝග නැවත මතු කරයි.

Date: 2023-11-07

ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
Qries

මකර

ශුභාශුභ ඵල දෙයි. තරමක් අලසව ක්‍රියාකරයි. තමන් ගැන කලකිරීම් මතුවෙයි. අතමිට තරමක් හිඟ වෙයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර වැනි දේ ලබයි. වාතාධික රෝග පැන නගියි.

Date: 2023-11-07

ජය අංකය: 09
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ශුභාශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරිවල ප්‍රබෝධමත්ව යෙදේ. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. තම ඥාතීන්ගේ ද අවශ්‍යතා මත දවස ක්‍රියාකරයි. අමතර ලාභ ලැබේ. සෙම් ආසාදන රෝග මතු වේ.

Date: 2023-11-07

ජය අංකය: 05
ශුභ වර්ණය: තද දුඹුරු
Qries

මීන

ශුභවාදී ඵල මතුවෙයි. තම අරමුණු තරමක් ජයගනී. කලක් මනසට වද දුන් ප්‍රශ්න නිරාකරණය වෙයි. ඥාති සබඳතා වර්ධනය වෙයි. අමතර ලාභ ද ලබයි. උදරාබාධ, බඩවැල් රෝග මතුවෙයි.

Date: 2023-11-07

ජය අංකය: 07
ශුභ වර්ණය: තද කහ