ජනපති අද ඉන්දියාවට

ජනපති අද ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළ දී ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදී මුර්මු ඇතුලු විශේෂ නියෝජිතයින් රැසක් හමුවීමට ද සැලසුම් කර තිබේ.

එහිදි ජනපති, ඉන්දීය අගමැති සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී ලංකාවේ පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හිදී ලබාදුන් සහාය සම්බන්ධයෙන් නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමු කර තිබේ.

එමෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ.

Share This