දවසේ ලග්න පලාපල  – 2023 මැයි මස 15 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 15 වන සඳුදා

රාහු කාලය
7:26 am – 8:59 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ක්‍රියාශීලී රාජකාරි බහුල දිනකි. තරමක් අවිවේකී බවක් ගෙනදෙයි. තමන්ට පැවරෙන වැඩ සාර්ථකව ඉටුකරයි. අධ්‍යාපනික ක්‍රියාවන්ට ශුභයි. තරගකාරී ක්‍රියාවන්ගෙන් ජය ලබයි. සෙම් බහුල වී රෝග මතු කරයි.

Date: 2023-05-15

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

වෘෂභ

ක්‍රියාකාරකම් බහුලවන අතර අසල්වැසි සබඳතා බහුල වෙයි. තම අරමුණු බොහෝකොට ජයගනී. තම වටිනාකමද ප්‍රදර්ශනය වන දිනකි. දහමටද ලැදිව ක්‍රියාකරයි. භූමි සම්පත් ලබයි. ඌෂ්ණ රෝග මතු කරයි.

Date: 2023-05-15

ජය අංකය: 04
ශුභ වර්ණය: ළා දම්
Qries

මිථුන

අවිවේකී බව මතු කරයි. රැකියා කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. බාධක මධ්‍යයේ උවද දවසේ ක්‍රියාකාරකම් ඉටුකරයි. ඇසුරුකරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. අමතර ලාභ ලබයි. වාතාධික රෝග මතු කරයි.

Date: 2023-05-15

ජය අංකය: 06
ශුභ වර්ණය: අළු පැහැය
Qries

කටක

ක්‍රියාකාරි දිනකි. මංගල උත්සව ප්‍රියසාද වැනිදේට සහභාගිවීමේ අවස්ථා යෙදේ. දේපල සම්බන්ධ පැවැති ප්‍රශ්න නිරාකරණය වේ. සතුරු බලපෑම් ඉවත් වෙයි. හදිසි ලාභ ලබයි. සිරසගත රෝග මතු කරයි.

Date: 2023-05-15

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

පොළොව ආශ්‍රිත ක්‍රියාවන්ගෙන්, කෘෂිකාර්මික ක්‍රියාවන්ගෙන් ජය ලබයි. තමා ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් සමීප වන ක්‍රියා යෙදේ. කර්ණ රෝග, නාසිකා රෝග මතුකරයි. විනෝද ගමන්ද යෙදෙන දිනකි.

Date: 2023-05-15

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

කන්‍යා

සුළු ගමන් බිමන් යෙදේ. රාජකාරි වලදී තරමක් පැටලිලි සහිත වෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. දහමට ලැදිවෙයි. සිරසගත රෝග මතු කරයි. මහජන ප්‍රසාදයට පත්වන දිනකි.

Date: 2023-05-15

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ක්‍රියාශීලී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. ඉවසීමෙන් ක්‍රියාකලයුතුයි. ප්‍රීති සාද වැනිදේට සහභාගී වෙයි. ස්නායුගත රෝග මතු කරයි. ආගමික වතාවන් ගරුකර ක්‍රියාකරයි.

Date: 2023-05-15

ජය අංකය: 03
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

සුළුවෙන් හෝ තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. ප්‍රීතිසාදයක මුහුණුවරක් මතු කරයි. මිල මුදල් වැය වන දිනකි. සුහදතාව වර්ධනය වන දිනකි. සිරස ආශ්‍රිත රෝග මතු කරයි. ආගමික උත්සව සංවිධානය කෙරේ.

Date: 2023-05-15

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභඵල මතු කරයි. සම්මුඛ පරීක්‍ෂණ වලින් ජය ලබයි. රැකියා ලාභ ලැබීම් වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. අනොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම් ඉවත් වෙයි. පාදවල ආබාධ සන්ධි රෝග සාදයි.

Date: 2023-05-15

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා කහ
Qries

මකර

ශුභඵල මතු කරයි. ප්‍රීති උත්සව යෙදේ. ගමන් බිමන් වලදී ප්‍රවේශම මැනවි. රැකී රක්‍ෂා ස්ථාන වල තරමක් සිත් චංචල කරවන ක්‍රියා මතුකරයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. වාතාධික රෝග, ස්නායු රෝගාදියට හේතුයි.

Date: 2023-05-15

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභඵල සහිතයි ක්‍රියාශීලියි. ප්‍රබෝධමත්ව රැකියාවල යෙදේ. හදිසි තීරණ මත ක්‍රියාකිරීම ශුභවාදී නොවේ. නවක මිතුදම් ඇතිවෙයි. ප්‍රීති උත්සව යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ආමාශගත රෝග වර්ධනය වේ.

Date: 2023-05-15

ජය අංකය: 03
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. උසස්වීම් වැනි දේවලට හේතුයි. පොදු සේවා කටයුතු වලද යෙදේ. විනෝදජනක කටයුතු වල යෙදේ. හදිසි ලාභ ලැබීම් වලට හේතුයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-05-15

ජය අංකය: 01
ශුභ වර්ණය: තද කහ