‘මෝඛා’ ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය 24 අවදානම් – කාලගුණයෙන් රතු නිවේදනයක්

‘මෝඛා’ ප්‍රචණ්ඩ වෙයි – ඉදිරි පැය 24 අවදානම් – කාලගුණයෙන් රතු නිවේදනයක්

‘මෝඛා’ සුළි කුණාටුව පිළිබඳව රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

මේ වන විට එම සුළි කුණාටුව මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බව සඳහන්.

එම නිවේදනයේ දක්වා ඇත්තේ, අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා සඳහා බලපැවැත්වෙන බවයි.

ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවතුණා.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව සඳහන්.

ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180 – 190 පමණ වන අතර විටින් විට පැ.කි.මී 210ක් පමණ විය හැකියි.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු දී තිබෙනවා.

දැනට මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට එම නිවේදනයේ සඳහන්.

මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන විට අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Share This