කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් දිවයිනට

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයෝ පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .
ඔවුන් අද උදෑසන 06.16 ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිසට අතර පිරිමි 03 දෙනෙකු සහ ගැහැනු ගෘහ සේවිකාවන් 28 දෙනෙකු ඇතුළත්ව තිබෙයි.

මීට අමතරව ඉකුත් 09/12 දින ද කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබූ අතර, ඔවුන් අතරින් පිරිමි 09 දෙනෙකු සහ කාන්තාවන් 24 දෙනෙකු සිටියහ.

ඒ අනුව, මෙම සති දෙක තුළ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් වීසා නොමැතිව එරට රැදී සිටි, එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබුණි.

ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය, කුරුණෑගල, ගාල්ල, මාතර සහ මොණරාගල ප්‍රදේශ වල පදිංචිකරුවන් වූහ.

එසේම තවදුරටත් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2,000 ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටින බවත්, ඔවුන් කණ්ඩායම් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවත්, එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු පැවසීය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )