කුමන කොටියෝ මිලියන 40 ක වාර්තා ගත ආදායමක් උපයා දෙති

කුමන කොටියෝ මිලියන 40 ක වාර්තා ගත ආදායමක් උපයා දෙති

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කුමන ජාතික උද්‍යානයට වසර 4 කට පසු විශාල ආදායමක් ලැබී තිබේ.

කොටි ක්‍රියාකාරකම් නිසා වැසීගිය කුමන ජාතික උයන එම ක්‍රියාකාරකම් පරාජය කිරීමෙන් පසු නැවත විවෘත කළද ඉන්පසු සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරය හා කොවිඩ් උවදුර නිසා සංචාරකයන් නොපැමිණිමේ හේතුව නිසා යළි කඩාවැටිණ.

කෙසේ වෙතත් වසර හතරක පමණ වූ එම ගැටළු නිසා නතරවූ සංචාරකයන්ගේ පැමිණිම යළි යථා තත්වයට පත්ව ඇති බවත් වාර්තා ගත ආදායමක් පසුගිය කාලයේ ලැබී ඇති බවත් වනෝද්‍යාන පාලකයෝ පවසති.

මේ අනුව ඉකුත් ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වූ කාලය තුල දෙස් විදෙස් සාංචාරකයන් එකළොස් දහස් නමසිය අනූනම දෙනෙක් පැමිණ ඇති අතර ප්‍රවේශපත් වලින් ලැබූ ආදායම රුපියල් මිලියන 40 ක් පමන වන බව කුමන උද්‍යාන භාරකාර ඩී.බී. සමරනායක මහතා පැවසීය.

ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා විදේශීය සංචාරකයන්ගේ පැමිණිම විශාල වශයෙන් වැඩිවූ අතර ඒ කාලයතුළ ආදායමද විශාල වශයෙන් වැඩිවූ බව සමරනායක මහතා සඳහන් කළේය.

එම කාලයේදී විදේශීකයන් සර්ෆිං ක්‍රීඩාව සදහා ආරුගම්බේ මුහුදු තීරයට පැමිණෙන අතර ඔවුන් කුමන සංචාරයටද අනිවාර්ය යෙන්ම පැමිණි බවද පැවසූ සමරනායක මහතා මෙම උද්‍යානය තුළ කොටි 63 දෙනෙක් සිටින බව සමීපක්ෂණයදී අනාවරණය වී ඇති බවත් කොටි දැක බලාගැනීමට සංචාරකයන් ලොකු උනන්දුවක් දක්වන බවත් අවධාරණය කළේය.

Share This