කොන්ක්‍රීට් වළල්ලක් ඇඟට පෙරලී සිසුවා මරුට

කොන්ක්‍රීට් වළල්ලක් ඇඟට පෙරලී සිසුවා මරුට

පාසල් භුමියේ ගොඩ ගසා තිබි කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලිමෙන් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට.

තේ වත්තක සංවර්ධන කටයුත්තක් සදහා රැගෙන විත් පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් ඇග මතට පෙරලීමෙන් බරපතල ලෙස තුවාල ලැබු පාසල් සිසුවෙකු මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (04) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව මස්කෙලිය පොලිසිය පැවසිය.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ මස්කෙලිය ගාඩ්මොර් වතුයායේ පදිංචිව සිටි ගාඩ්මොර් දමිල මහා විද්‍යාලයේ 6 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්.අනිෂන් නැමති (11) හැවිරිදි පාසල් සිසුවෙකි.

ජීවිතක්ෂයට පත් පාසල් සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ පස්වරු 1.30 ට පමණ වැසිකිලිය වෙත යාම සදහා පැමිණි අවස්තාවේ පාසල් භුමියේ ගොඩගසා තිබු කොන්ක්‍රිට් බොක්කුවක් පෙරලී පාසල් සිසුවාගේ ඇග මතින් පෙරලීමෙන් පාසල් සිසුවා වැසිකිලියේ බිත්තියට සිරවීමෙන් බරපතල ලෙස තුවාල ලබා ඇත.

පසුව පාසලේ ගුරුවරුන් සහ අසල්වාසින් එක්ව තුවාල ලබා සිටි පාසල් සිසුවා සුවසැරිය ගිලන් රථය මගින් මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු සිසුවා ජීවිතක්ෂයට පත් වී ඇත.

මරණය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන මස්කෙලිය පොලිසියේ නිලධාරියෙකු පැවසීය.

@newsi.lk

කොන්ක්‍රීට් වළල්ලට සිසුවා බිලි foryoupage foryou titktok fyp newsi newsi.lk news sinhala

♬ original sound – newsi.lk – newsi.lk