දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.

ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

අරගල සිද්ධිවලින් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබා නොදීම සම්බන්ධයෙන් ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කර තිබුණි.

එම කරුණු සලකා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයාට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි, විනිසුරු මඩුල්ල විසින් ඊයේ නොතීසි නිකුත් කර තිබුණේ.

ඒ අනුව, අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණි පොලිස්පතිවරයා, මාරු කර හරින ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට ඔවුන් පෙර සිටි පොලිස් ස්ථානවලට සමාන්තර පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අදාල පෙත්සම් අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවනු ලැබීය .