නව පොල්පිටිය හම්බන්තොට සම්ප්‍රේක්ෂණ මාර්ගය අවට සරුංගල් යවන්න එපා – ලංවිම

නව පොල්පිටිය හම්බන්තොට සම්ප්‍රේක්ෂණ මාර්ගය අවට සරුංගල් යවන්න එපා – ලංවිම

හම්බන්තොට සහ නව පොල්පිටිය අතර අධිවෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශයේ සරුංගල් යැවීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොල්පිටිය සහ අවට ප්‍රදේශයේ මේ දිනවල සරුංගල් යැවීම නිසා විදුලි රැහැන්වල සරුංගල් පැටලීම බහුලව වාර්තා වන බවත් විදුලි රැහැන් එළීමේ කටයුතුවලට එය බාධාවක් බවට පත්ව ඇති බවත් විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ හේතුවෙන් සරුංගල් යැවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටින විදුලිබල මණ්ඩලය පවසන්නේ රැහැන් සම්බන්ධ කිරීමේ කටයුතු සතියකින් පමණ අවසන් වනු ඇති බවත්ය.

කිලෝවොට් 220 අධි වෝල්ටීය සම්ප්‍රේක්ෂණ මාර්ගයක් බැවින් හැකි හැම විටම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නැයිද විදුලිබල මණ්ඩලය දැනුම්දී සිටියි.

Share This