කෙහෙළියට එරෙහි අත්සන් ව්‍යාපාරය අදත් කළුතරදී

කෙහෙළියට එරෙහි අත්සන් ව්‍යාපාරය අදත් කළුතරදී

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අදත් (18) සිදුවූ බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගය, කළුතර ආසන සංවිධායක අජිත්.පී.පෙරේරා මහතා විසින් මෙම අත්සන් ව්‍යාපාරය සිදුකර ඇත.

වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාට තම ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු කෙනෙකුට මෙම සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දී නිසි පරිදි සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නැයි රජයට බල කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වී තිබේ.

කළුතර ශික්ෂණ රෝහලෙන් ඖෂධ ලබාගැනීමට පැමිණි රෝගීන් සහ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ජනතාව විශාල පිරිසක් මෙම අත්සන් ලේඛනයට අත්සන් තබන ආකාරය දැක ගන්නට ලැබුණු බව වාර්තා වේ.

May be an image of 8 people and text

May be an image of 4 people

May be an image of 10 people and people studying

Share This