සරසවි සිසුවෙක් තුන් වෙනි මහලෙන් බිමට

සරසවි සිසුවෙක් තුන් වෙනි මහලෙන් බිමට

දියගම තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සිසුවකු ශිෂ්‍ය නේවාසිකාගාරයේ තුන් වෙනි මහලෙන් බිමට ඇද වැටී බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කහතුඩුවපොලිසිය පවසයි.

රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි සිසුවා එම විශ්ව විද්‍යාලයේ තුන්වැනි වසරේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන අයෙක් බව කහතුඩුව පොලිසිය පවසයි.

කහතුඩුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.