කටුනායක කලබලයෙන් පසු වීසා නිකුත් කිරීමෙන් ඉන්දියානුවන් ඉවත් වෙයි – සිද්ධිය ගැන සොයන්න ඇමති නිමල් සාකච්ඡාවක් කැඳවයි

කටුනායක කලබලයෙන් පසු වීසා නිකුත් කිරීමෙන් ඉන්දියානුවන් ඉවත් වෙයි – සිද්ධිය ගැන සොයන්න ඇමති නිමල් සාකච්ඡාවක් කැඳවයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඔන්-ඇරයිවල් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දීය සමාගමක් විසින් මතභේදාත්මක ලෙස පවරා ගැනීමත් සමඟ ඊයේ රාත්‍රියේ තොටුපළේ අවුල් සහගත තත්ත්වයක් ඇති විය.

මෙම තත්ත්වය ඇතිවුයේ මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබු වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඊයේ සිට විදෙස් සමාගමක් වෙත පවරා තිබෙන පසුබිමකය.

ඒ අනුව වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයක් සිදු වීමෙන් ඇතිවූ දිගු පෝලිම් හේතුවෙන් සංචාරකයින් විරෝධය පෑමත් සමග ඊයේ දින (1) ගුවන් තොටුපොළේ මෙම උණුසුම් තත්වය ඇති වී තිබුණි .

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබූ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් (30) දින සිට අදාළ සමාගම විසින් භාර ගෙන තිබුණි.

මේ හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් කවුන්ටර් 4ක් ඉවත් කර විදෙස් ගත පුද්ගලික සමාගමට වීසා නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට ඉඩ දී තිබේ.

විදෙස් සංචාරකයන් වීසා ඉල්ලා සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විසා ලබාගත් ක්‍රමවේදය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ විදේශීය පෞද්ගලික සමාගමකට ලබා දී තිබෙන්නේ සති කිහිපයකට පෙරය.

ඒ අනුව වීසා අයැදුම් කිරීමේදී ව්‍යාජ වෙබ් අඩවි මඟින් සංචාරකයන්ගෙන් අයුතු ලෙස මුදල් අය කරගෙන ඇති බවද හෙළිවී තිබේ.

එහිදී වංචාවන්ට හසු වූ ඇතැම් විදේශිකයින් පසුගිය සති වලදී කටුනායක ගුවන් තොටුපොළට පැමිණ විරෝධයද පල කර තිබේ.

මෙම අක්‍රමවත් ක්‍රමවේදය මෙරට සංචාරක කර්මාන්තයට සෘජුව බලපාන කරුණක් විය හැකි බවට බොහෝ දෙනා මත පල කරයි.

ඉන්දීය සමාගම විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා නොගෙන on-Arival වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පාලනය භාරගෙන ඇත්තේ කුමන අමාත්‍යවරයාට හෝ අධිකාරියටද යන්න බරපතල ප්‍රශ්නයකට තුඩු දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගුවන්තොටුපොළේ ඊයේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ, නිදහස් සේවක සංගමය පවසයි.

එහි සභාපති ජානක විජේපතිරත්න මහතා සඳහන් කළේ, අමාත්‍යාංශයේ පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමා ඇතුළු නියෝජිත පිරිසක් මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය ද සහභාගි වීමට නියමිත බවයි.

නොසන්සුන්තාව ඇතිවූ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ද පිරිසක් සහභාගිවීමට නියමිත බවයි ඔහු පැවසුවේ ය.

තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ මෙහෙයුම් ප්‍රමාදයෙන් අපහසුතාවට පත් මගීන්ගෙන් සමාව අයදින බව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊයේ සඳහන් කළේ ය.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, යළි එවැනි තත්ත්වයක් ඇති නොවීමට පියවර ගන්නා බවයි.

@newsi.lk

කටුනායක ඇතිවූ උණුසුම් තත්ත්වය viral newsi fyp foryoupage foryou newsi.lk katunayaka airport

♬ original sound – newsi.lk – newsi.lk
Share This