හැටන් වතු යායක ගින්නකින් අක්කර 10 ක් විනාශයි

හැටන් වතු යායක ගින්නකින් අක්කර 10 ක් විනාශයි

හැටන් පොලිස් වසමට අයත් ස්තැඩන් වතු යායට අයත් සිත්තර වත්ත කොටසේ (25) දින පස්වරුවේ හටගත් ගිනන්කින් අක්කර 10 ක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉලුක් සහ යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවයි රක්ෂිත අසල පිහිටි හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

සිඝ්‍රයෙන් පැතිර ගිය ගින්න රක්ෂිතය අසල පිහිටි තේ වගා භුමියකට පැතිර යාම නිසා රුවන්පුර ජනපදයේ පදිංචිකරුවන් කිහිපදෙනෙකු එක්ව පැතිර ගිය ගින්න පාලනය කිරිමට කටයුතු කෙරිණ.

පවතින වියළි කාලගුණයත් සමග මෙසේ රක්ෂිත වලට ගිනි තබන පුද්ගලයන් පිලිබදව ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ප්‍රදේශවාසින්ගෙන් ඉල්ලා සිටියි.