කතරගම පාද යාත්‍රාවේ ගිය බැතිමතෙක් අතරමග මිය යයි

කතරගම පාද යාත්‍රාවේ ගිය බැතිමතෙක් අතරමග මිය යයි

යාපනයේ සිට පාද යාත්‍රාවකින් කතරගම දක්වා ගමන් කරමින් සිටි බැතිමතුන්ගෙන් එක් අයෙකු මඩකලපුව මාමංගේස්වර් කෝවිලේ නවාතැන් ගෙන සිටියදී ඊයේ (29) දා මියගොස් ඇත.

යාපනය, කයිතඩි ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි රාජයියා සිවලිංගම් නැමති මෙම බැතිමතා රාත්‍රි කාලයේ නිදාගෙන පසුදා අවදි වී සිටියදී එක්වරම ක්ලාන්ත වී බිම ඇද වැටී තිබේ.

ඔහු බිම ඇද වැටීමත් සමගම මියගොස් තිබේ.

යාපනයේ සන්නිදි මුරුගන් කෝවිලෙන් 108 දෙනෙකුගෙන් සමන්විත මේ පිරිස ගමන් අරඹන ලද්දේ මැයි මස 6 වෙනිදා වන අතර එතෙක් ගමන් කළ පාද යාත්‍රාවේදී මියගිය රාජයියා සිවලිංගම් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසු වූ බව සෙසු පිරිස පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

මියගිය අයගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා මඩකලපුව රෝහලට බාර දී ඇති අතර මඩකලපුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Share This