පානීය ජලයට වස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක තොරතුරු සෙල්ලකතරගමින් හෙළිවෙයි

පානීය ජලයට වස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක තොරතුරු සෙල්ලකතරගමින් හෙළිවෙයි

සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම්ව ඇති යාල රක්ෂිත ප්‍රදේශයන්හි දඩයම් කරුවන් විසින් දිය කඩිති හා වැවු ආශ්‍රිත වලවල් සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා විවිධ ප්‍රදේශයන් අලෙවි කිරීමේ ජාවරාමක් පිළිබද වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අයුරින් වස දමා මියගිය සතුන්ගේ මස් අලෙවි කිරීම තුලින් මිනිස් ජිවිත අවධානමක් ද පවතින බවයි, වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම ප්‍රදේශයේ මේ වනවිට පවතින අධික පෑයුම් තත්ත්වය තුල සතුන්ට බිමට ජලය ඇති ප්‍රදේශයන් ද අඩුවී තිබේ.

ඒ තත්ත්වය තුල වතුර සොයා පැමිණෙන සතුන්ට දිය වලවල් සාදා එම දිය වලවල් තුලට මේ ආකාරයෙන් වස යොදා සතුන් මරා මස් පිණිස විකිණීමට දඩයම් කරුවන් කටයුතු කරනු ලබන බවයි, වනජීවී නිලධාරීන් පවසන්නේ.

මේ ආකාරයෙන් මියගිය සතුන්ගේ මළසිරුරු ගණනාවක් මේ වනවිට සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇති මුත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු සොයා ගැනීමට මෙතක් හැකි වී නොමැත.

විශේෂයෙන්ම කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය මස් ලබා දීමට වස යොදා මරණ ලද සතුන්ගේ මස් අලෙවි කිරීමට සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් තොරතුරක් වෙතොත් වනජීවී නිලධාරීන් දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share This