බොලිවුඩ් නිළි කන්ගනාගේ කනට ගැසූ පොලිස් නිලධාරිනිය අත්අඩංගුවට

බොලිවුඩ් නිළි කන්ගනාගේ කනට ගැසූ පොලිස් නිලධාරිනිය අත්අඩංගුවට

භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බොලිවුඩ් රංගන ශිලිපිනි කන්ගනා රනාවුත්ට ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරිනියක් විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුල්වින්දර් කෞර් නැමැති මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ (CISF) පොලිස් කොස්තාපල්වරියක්.

බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් ඊයේ (06) දිල්ලිය බලා යන ගුවන් යානයකට ගොඩවීමට යමින් සිටිය දී චන්දිගාර් ගුවන් තොටුපළලේ දී මෙම පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

කන්ගනා රනවුත්සි ගොවි විරෝධතාවක දී ගොවීන්ට අගෞරව කරමින් සිදුකර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් කෝපයෙන් සිටි පොලිස් කොස්තාපල්වරිය මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය දා ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය මහ මැතිවරණයට සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් තරග කළ කන්ගනා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

මේ අතර කන්ගනාට පහරදීම සිදුකළ පොලිස් කොස්තාපල්වරිගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.