අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් වෙයි

අවුරුදු ක්‍රීඩා දෙකක නම් වෙනස් වෙයි

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සව වලදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පවසනවා.

ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි ව්‍යාපාරය යටතේ ඇති සියළුම බැංකු විසින් අවුරුදු උත්සව 1089 ක් දිවයින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම, ඉකුත් වසරට සාපේක්ෂ්ව ජනතාව මෙවර සුපුරුදු පරිදි අලුත් අවුරුදු සැමරීම වෙනුවෙන් තම දෛනික කටයුතුවල නිරත වෙමින් සිටින බවයි, එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.