මගී ප්‍රවාහන බස් රථ ගැන ආණ්ඩුව ගත් තීරණය

මගී ප්‍රවාහන බස් රථ ගැන ආණ්ඩුව ගත් තීරණය

මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරන අයුරු පැය 24 පුරාම අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා, එම බස් රථවල ජී.පී.එස්. උපකරණ සවි කිරීමට රජය තීරණය කර තිබේ.

මහාමාර්ගයේ එක් නැවතුම්පොළක බොහෝ වේලාවක් නවතාගෙන සිටින මගී බස් රථ හඳුනාගෙන, ඊට එරෙහිව පියවර ගැනීමේ අරමුනින් මෙම ජී.පී.එස්. උපකරණ සවිකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලට මෙන්ම, සියලුම පෞද්ගලික බස් රථවලටද ජී.පී.එස්. උපකරණ සවි කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියේදී දියත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ ය.

‘‘මෙරට මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි නවයක් තිබෙනවා. පළාත්බද බස්රථ නියාමනය කරන්නේ එම අධිකාරි මගින්.

එම බස් රථ හෙමින් ගමන් කරනවා නම් ඒවා එක් නැවතුම්පොළක බොහෝ වේලාවක් නතර කර තිබෙනවා නම් ඒ පිළිබඳ සොයා බලන්නේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින්.

අන්තර් පළාත් දුර ගමන් සේවා බස් රථවලින් යම් ප්‍රමාණයක ජී.පී.එස්. උපකරණ සවිකර තිබෙනවා. ඉදිරියේදී සියලුම බස් රථවලට ජී.පී.එස්. උපකරණ සවි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා’’ යැයි ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This