කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මරුට

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මරුට

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු අද (18) මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි පානදුර – මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකු බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇති රැඳවියා අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 වැනිදා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

එහි වාට්ටු අංක 3හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු පසුගිය 9 වැනිදා හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව සඳහන්.

මෙම රැඳවියාගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතවම තහවුරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර මීට පෙරද අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුතර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

Share This