කළුතර දුම්රිය ස්ථානයට ප්‍රහාරයක්

කළුතර දුම්රිය ස්ථානයට ප්‍රහාරයක්

කලහකාරී ලෙස හැසිරුන කිසියම් පිරිසක් කළුතර දකුණ දුම්රිය ස්ථානාධිපති වරයා ඇතුළු සේවකයින්ට සහ ස්ථානයට ගල්මුල් වලින් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර දකුණ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ .

ඊයේ (19) රාත්‍රි 10.30 ට පමණ බීමත්ව පැමිණි පිරිස දුම්රිය ස්ථානයේ තාප්පයට මුත්‍රා කිරීමට සූදානම්වී ඇති බවත් දුම්රිය සේවකයින් එයට විරුද්ධ වීම ගැටුමට හේතුව බවත් සඳහන් වේ.

පිරිස ගල් ප්‍රහාරයක් එල්ල කර මල් පෝච්චි සහ මගී ආසන පෙරළා ඇති බවත් ස්ථානාධිපති වරයා ඇතුළු දුම්රිය සේවකයින් බිත්ති වලට මුවාවී ආරක්ෂාවී ඇති බවත් දුම්රිය සේවකයෝ පවසති .

ප්‍රහාරය එල්ලවන මොහොතේ ස්ථානාධිපති වරයා ඇතුළුව හය දෙනෙකු රාජකාරි යෙදීසිට ඇති බව සඳහන් වේ. මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහගේ උපදෙස් පරිදි පරීක්ෂණ පවත්වයි.

Share This