විරෝධතාවක් හේතුවෙන් කළුතර උණුසුම් තත්වයක්

විරෝධතාවක් හේතුවෙන් කළුතර උණුසුම් තත්වයක්

කළුතර නගර මධ්‍යයේ අද(26) දහවල් ජනඅරගල ව්‍යාපාරයේ විරෝධතා කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ජන අරගල ව්‍යාපාරය විසින් ජීවන බර, බදු මිල, විදුලි බිල , ත්‍රස්තපනත සහ විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කළුතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට මෙම විරෝධතාව ආරම්භ කර තිබුණා.

උදෑසන සිට කළුතර නගරයේ සහ ඒ අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබු අතර විරෝධතාව පැවැත් වූ ස්ථානය අවට පොලිස් කණ්ඩායම් රැසක් යොදවා තිබූ අයුරු දැකගත හැකි විය.

දැඩි අව් රශ්මිය මධ්‍යයේ විරෝධතාවය පවත්වන අතරතුර විරෝධතා කරුවන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු අතැතිව බිම වාඩි වූ අතර, ඔවුන්ගේ ආධාරකරුවන් දෙදෙනෙකු විරෝධතාකරුවන් වෙනුවෙන් ටෙන්ට් රෙද්දක් රැගෙන එන ලදී.

එසේ රැගෙන ආ ටෙන්ට් රෙද්ද පොලිස් භාරයට ගැනීමට යාමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව ටෙන්ට් රෙද්ද රැගෙන ආ පුද්ගලයින් සහ ඒ සඳහා සහාය දැක්වූ අය සමග ඇතිවූ උණුසුම් තත්ත්වයකින් පසු ටෙන්ට් රෙද්දි සහ සිව්දෙනෙකු කළුතර දකුණ පොලිසියට රැගෙන යන ලදී.

 

Share This