අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරුව වැසේ

අධිවේගයේ කඩුවෙල අන්තර් හුවමාරුව වැසේ

නොකඩවා ඇද හැලෙන වර්ෂාවත් සමග කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව කඩුවෙල පිවිසුම භාවිතා කර කඩවත දෙසට ගමන් කිරීමට හෝ කඩවත දෙස සිට පැමිණෙන රථවාහන කඩුවෙල පිවිසුම භාවිතා කර පිටවීමට නොහැකි බව වාර්තා වේ.

අධික වැසි තත්ත්වය සමග බියගම මාර්ගය ආශ්‍රිත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.