හාලිඇල දී දරුණු බස් රථ අනතුරක්

හාලිඇල දී දරුණු බස් රථ අනතුරක්

බදුල්ල, බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල නිල්බෝවල ප්‍රදේශයේ දී අද (02) දහවල් බස්රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට ගැටී සිදුවු අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව හාලිඇල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ඩිපෝවට අයත් කොස්ලන්ද සිට බදුල්ල දක්වා පැමිණෙමින් තිබු මෙම බස්රථය පාරෙන් දකුණු පස දෙසට ඉවතට පැන එම මාර්ගයේ බන්ඩාරවෙල දෙසට ගමන් කරමින් තිබු ත්‍රීරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

එම බස් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවේ තිබු ගසක වැදී මාර්ගය ආසන්නයේ ඇති පස් කණ්ඩියක වැදී නතර වී ඇති අතර එසේ නතර නෙවෙන්නට බදුලු ඔයට වැටීමෙන් විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව බස්රථයේ පැමිණි මගින් පවසයි.

එම අනතුරින් තුවාල ලැබු අය උඩුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ දි බස් රථය අධික වේගයකින් ගමන් කල බවද මගීන් ප්‍රකාශ කරයි.

ඒ අනුව, අදාල බස් රථය පැදවු රියදුරු හාලිඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් ගුණතිලක මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.