රත්‍රං මිලේ සුළු පහළ යෑමක්

රත්‍රං මිලේ සුළු පහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දී රත්‍රං වෙළෙඳපෙළේ මිල සුළු පහළ යෑමක් සිදුව තිබෙනවා.

ඊයේ දිනයේ දී රුපියල් 613,008ක් ලෙස සටහන් වූ රන් අවුන්සයක මිල අද දිනයේ සටහන් වන්නේ රුපියල් 612,767ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,620ක් ලෙසද සටහන් වුණා.

කැරට් 24 ග්‍රෑම් 8ක මිල (පවුමක) අද දිනයේ දී සටහන් වුණේ රුපියල් 172,950ක් ලෙසයි.

කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 19,820ක් වෙද්දී රුපියල් 158,550ක් ලෙස කැරට් 22 ග්‍රෑම් 8ක මිල (පවුමක) සටහන් වුණා.

කැරට් 21 ග්‍රෑම් 1ක් රුපියල් 18,920ක්.

අද දිනයේ දී කැරට් 21 ග්‍රෑම් 8ක් (පවුමක්) සටහන්ව තිබුණේ රුපියල් 151,350ක මිලකටයි.