ජනපති නවදිල්ලි නුවරට

ජනපති නවදිල්ලි නුවරට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එම දිවුරුම්දීමේ උත්සවයට සහභාගීවීමට නියමිතය.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග තවත් දූත පිරිසක් දඑක් වී සිටි අතර, ඔවුන් අද (09) උදෑසන 08.32 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික පිරිස රැගත් මෙම ගුවන් යානය අද දහවල් 11.40 වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ උත්සවය නවදිල්ලි අගනුවරදී අද (09) සවස පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙනි.