උඩරට මැණිකේ දුම්රියේ ගිය විදේශිකයෙක් දුම්රිය උමගේ ගැටී ජිවිතක්ෂයට

උඩරට මැණිකේ දුම්රියේ ගිය විදේශිකයෙක් දුම්රිය උමගේ ගැටී ජිවිතක්ෂයට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් විදේශිකයෙකු දුම්රිය උමගේ ගැටි අද (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කල විදේශිකයා පස්වරු 4 ට පමණ දුම්රිය උමගේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත.

නානුඔය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර 19 දුම්රිය උමග අසලදි විදේශිකයා උමගේ ගැටි ඇති බවත්, මියගිය විදේශිකයාගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් හපුතලේ දුම්රිය ස්ථානය දක්වා රැගෙන ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.

 

🔴දිලිත් ගොඩ දාන සන්නා | IQ නැති ඒලෙවල් ළමයි | ගංවතුර ජරමර | පාඨලීගේ ජනරජ පාටිය

මෙතනින් වීඩියෝව බලන්න ⤵️