ජාතික ජන බලවේගයට එරෙහි මෝසම සලකා බැලීමට දින නියම කෙරේ

ජාතික ජන බලවේගයට එරෙහි මෝසම සලකා බැලීමට දින නියම කෙරේ

ජාතික ජන බලවේගය ලියාපදිංචිය නීතියට පටහැනි බව සඳහන් කරමින් විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෝසම මාර්තු 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

නව මැතිවරණ කොමසාරිස්වරුන්ගේ නම් වග උත්තරකරුවන් ලෙස ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබිණ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම මෝසම සලකා බැලින.

මෙම මෝසමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

ජනතා විමුක්ති පෙරමුණ යටතේ තිබෙන ජාතික ජන බලවේගය වෙනම පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත.