රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

හදිසි මිලදි ගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවා ද ඒවාට වැයකර ඇති මුදල කොපමණද යන්න දැන ගැනීමට එම ලිපියෙන් අපේක්ෂා කරන බවයි, එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් හදිසි මිලදි ගැනීම් වලින් ඉවත්ව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

Share This