වතු කම්කරුවන්ට වැඩි කල වැටුප ගෙවන්න බැරි සමාගම් රජයට පවර ගන්නවා – ජීවන්

වතු කම්කරුවන්ට වැඩි කල වැටුප ගෙවන්න බැරි සමාගම් රජයට පවර ගන්නවා – ජීවන්

වතු කම්කරුවන්ට වැඩි කල වැටුප ගෙවිමට අපොහොසත් වන වතු සමාගම් රජයට යළි පවරා ගැනිමට කටයුතු කරන බව අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා අවධාරණය කරයි.

රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 වැටුප ගෙවිමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යලි රජයට පවරාගෙන වෙනත් සමාගම් වලට එම වතු බදු පදනම මත ලබාදිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනිමට කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ (29) දින ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය දිවන්ගත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 60 වන ජන්ම දිනය (29) දිනට යෙදි තිබිම නිමිත්තෙන් එතුමා සිහි කිරිම සදහා හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති සැමරුම් උත්සවයකට සහභාගි වෙමිණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වැටුප් පරිපාලක සභාව විසින් මිට ප්‍රථම වතු කම්කරුවන්ට වැඩිකල රු 1000 වැටුප සම්බන්ධයෙන් වතු සමාගම් අධිකරණය හමුවේ පනවා තිබු නඩුවක් (29) දින යළි කැද වු අවස්ථාවේ එම නඩුව වතු කම්කරුවන්ට සාදනිය ලෙස පැවති බවයි.

එම නඩුව මේ මස (31) දින යළි කැඳවන බවත්, එහිදි වතු කම්කරුවන්ට එම වැටුප ගෙවන ලෙසට අධිකරණය මගින් වතු සමාගම් වෙත තින්දුවක් ලබාදෙන බවට තමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ සියළු දෙනා තුල විශ්වාසයක් ඇති බව අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

මැයි දින රැලියට පැමිණි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කම්කරුවෙකුට දිනකට රු 1700 ක වැටුපක් ලබාදෙන බවට ප්‍රකාශයක් කල බවත්, එම ප්‍රකාශයට විරෝධය පාමින් වතු සමාගම් විසින් කල ප්‍රකාශය ඇතැම් වතු කම්කරුවන් විසින් පිළිගත් නමුත් අවසානයේ එම වැටුප වතු සමාගම් වලට ගෙවිමට සිදු වන බවද ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

තමන් අවු 29 ක තරුණයෙකු බවත්, එම තරුණකමට වඩා ලංකා කම්කරු කොන්ග්‍රසයේ තමන් දරණ මහ ලේකම් ධුරය වගකිම් සහිත ධුරයක් නිසා එම තනතුර පදනම් කරගෙන සිදු කරන සැම ප්‍රකාශයක්ම වගකිමෙන් ප්‍රකාශ කරන බවයි අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.