ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂවලට ඉල්ලීමක්

ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂවලට ඉල්ලීමක්

විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කිරීමට තමා සුදානම් බව ද කොළඹ රේගු මූලස්ථානයේ දී අද (26) පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා පැවසීය.