කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළ ශාලාධිපතිනිය ඇතුලු 3ක් රිමාන්ඩ්

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළ ශාලාධිපතිනිය ඇතුලු 3ක් රිමාන්ඩ්

මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව 1 සහ 2 ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඊයේ (25) අත්අඩංගුවට ගත් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය සහ එහි කාර්යාල කාර්ය සහායකයා ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ, මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාධිපතිනිය දිනේෂා විරත්තනී සහ කාර්යාල කාර්ය සහායක සුමුදු චින්තන යන දෙදෙනාය.

මෙම විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින අම්පාර ඩී.එස්.සේනානායක විදුහලේ කෘෂි විද්‍යා ගුරුවරයාද අද අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ද ලබන 02 වැනි දා තෙක් රිමාන් බාරයට පත් කරනු ලබුවාය.

එසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දමින්ද ලක්මාල් නමැති ගුරුවරයෙකි.