යාපනයේ ප්‍රධාන කඩු කල්ලියක සාමාජිකයින් 03ක් අත් අඩංගුවට

යාපනයේ ප්‍රධාන කඩු කල්ලියක සාමාජිකයින් 03ක් අත් අඩංගුවට

යාපනයේ විවිධ ස්ථාන වලදී වරින් වර කඩු ප්‍රහාර එල්ල කරමින් පුද්ගලයින්ට තුවාල සිදුකළ කල්ලියේ සාමාජිකයින් තුන් දෙනෙකු කඩු ඇතුලු ආයුධ කීපයක්, යතුරුපැදි දෙකක් හා මත්ද්‍රව්‍ය තොගයක් සමග ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය පොලීසියට ලැබුණු තොරතුරක් මත ඔවුන්ව අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී පසුගිය සතියේදී යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට කඩුවලින් කොටා ඔහුගේ ඇගිල්ලක් අහිමි කළේද එම මෙම කණ්ඩායමේ සාමාජිකයින් බවට තොරතුරු අනාවරණය වී ඇත.

මේ මැර කණ්ඩායම කප්පම් ලබා ගැනීම පිණිස යාපනයේ ව්‍යාපාරිකයින්ව කඩු වලින් කපා බිය වද්දන බවත් කුලී පදනම මත අපරාධ සිදු කරන බවත් ඊට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත බවටත් පොලීසියට තොරතුරු ලැබී තිබේ.

යාපනය අධිකරණයෙන් ලබා ගත් රඳවා තබා ගැනීමේ නියෝගයක් මත මෙම සැකකරුවන් පොලීසියේ රඳවා ගෙන තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.