ලෝක කුසලානයට යන 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට සංගක්කාරගෙන් උපදෙස්

ලෝක කුසලානයට යන 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට සංගක්කාරගෙන් උපදෙස්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර උපදෙස් ලබා දී තිබෙනවා.

පැයකට ආසන්න කාලයක් පැවති රැස්වීමේදී කුමාර් සංගක්කාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය ඔවුන්ගේ අත්දැකීම් බෙදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම එළඹෙන සතියේ දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට නියමිතයි.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් වන සනත් ජයසූරිය හෝ මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ ගමන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.