යාපනය ජනාධිපති මන්දිරය බදු දෙන ගිවිසුමට අත්සන් තැබේ

යාපනය ජනාධිපති මන්දිරය බදු දෙන ගිවිසුමට අත්සන් තැබේ

යාපනය කන්කස්නතුරේ ප්‍රදේශයේ ඉදිකෙරමින් පැවති ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීම සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී අද (16) සිදුවිය.

යාපනය කන්කසන්තුරේ පිහිටි මෙම පරිශ්‍රය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යලයක් ඉදිකිරීම සඳහා වසර 50 කාලයකට බදු දෙනු ලැබුණි.

මෙහි ආයෝජන වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 5000ක් බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය කැනේඩියානු ආයෝජකයකු සමඟ එක්වී මෙය තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බවත් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් කැනේඩියා ආයෝජන සමාගමේ සභාපති indy pathmanathan සහ ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් එල්. රත්නායක මහත්වරු ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෝ සහභාගී වූහ.

Share This