ඊශ්‍රායල රැකියා ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්

ඊශ්‍රායල රැකියා ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්

ඊශ්‍රායල් රජය ශ්‍රී ලංකා රජය සමග ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන බව එම කාර්යංශය මහජනතාවට දැනුම් දෙයි.

එබැවින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස ද
එම කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

එලෙස ඊශ්‍රායලයේ රැකියා හිමිවූ තවත් පිරිසක් ලබන 26 වැනිදා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් 28 වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලාංකික 389 දෙනෙකුට ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා වරම් හිමිව ඇති බවයි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

Share This