මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනී

රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට එල්ලවූ ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් භාරගෙන තිබේ.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් 145 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබීය.

ආයුධ සන්නද්ධව කඩා වැදුණු තුවක්කුකරුවන් පස්දෙනෙක් ගෙන් සමන්විත ත්‍රස්ත කල්ලියක් විසින් රැස්ව සිටි පිරිසට වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය පුපුරවා පළාගොස් තිබුණි.

ප්‍රහාරකයින් විසින් ගොඩනැගිල්ල තුළ සිදුකළ පිපිරීම්වලින් ඒ තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර, එමඟින් ශාලාවේ
වහලයේ කොටසක් කඩා වැටී තිබුණි.

ප්‍රහාරයෙන් පසුව රුසියානු ආරක්ෂක හමුදා විසින් වෙඩික්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share This