ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි

ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය නියෝජනය කරන කැබිනට් අමාත්‍ය බෙනී ගැන්ට්ස් ඉල්ලා අස්ව තිබේ.

මෙම ඉල්ලා අස්වීම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ගාසා තීරයේ යුද සැලසුම් පිළිබඳ ගැඹුරු බෙදීම්වල සලකුණක් ලෙස හැඳින්විය හැකි අතර, ටෙල් අවිව් හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ බව පැවසේ.

ඔහු ඉල්ලා අස්වන බව ප්‍රකාශ වීමත් සමග අන්ත දක්ෂිනාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉතමාර් බෙන්ග්විර් කැබිනට් මණ්ඩලයට එක්වීමට අවස්ථාව ඉල්ලා තිබෙන බව එරට මාධය වාර්තා කර තිබේ.

ගාසා තීරයේ හමාස් පාලනය අවසන් කිරීම හා සිවිල් පරිපාලනයක් පිහිටුවීම ඇතුළු උපායමාර්ගික කරුණු හයක් ඉටු කර ගන්නේ කෙසේද යන්න ඉල්ලා අස්වූ ගැන්ට්ස් ප්‍රකාශ කර තිබූ අතර, ඊශ්‍රායල අගමැතිවරයා ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා තිබුනේ නැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

හමාස් සංවිධානය පසුගිය ඔක්තෝම්බරයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කර 1,200 කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසු රට තුළ යුද තත්වයක් ප්‍රකාශයට පත් කර හදිසි ආණ්ඩුවක් සහ යුද කැබිනට්ටුවක් ප්‍රකාශයට පත් කර විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් හට අමාත්‍ය ධුරයක් ලබා දී තිබුණි.

Share This