ඉන්දු – පාකිස්තාන තරඟයට පෙර අභිරහස් ගුවන් යානයකින් දුන් පණිවුඩය

ඉන්දු – පාකිස්තාන තරඟයට පෙර අභිරහස් ගුවන් යානයකින් දුන් පණිවුඩය

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයේදී කාගේත් අවධනය හිමිවූ සිදුවීමක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ වර්ෂාව හේතුවෙන් විනාඩි 45ක් පමණ ප්‍රමාද වී තරගය ආරම්භ වූ අතර, තරඟ ආරම්භයට මොහොතකට පෙර නිව්‍ යෝර්ක් ක්‍රීඩාංගනයට ඉහළින් අහසේ කුඩා ගුවන් යානයක් පියාසර කල බවයි.

යානය මගින් බැනරයක් වැනි යමක් ක්‍රීඩාංගනයට ඉහළ අහසේ ප්‍රදර්ශනය කර ඇති අතර “ඉම් රාන් ඛාන් නිදහස් කරනු” යනුවෙන් එහි සටහන්ව තිබුණි.

පකිස්තානයේ හිටපු කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ද වන ඉම්රාන් ඛාන් 2018 සිට 2022 දක්වා පකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

ඔහු 2023 අගෝස්තු මාසයේ සිට ටොෂාකානා නඩුව, කේතාංක නඩුව සහ ඉස්ලාම් විරෝධී විවාහ නඩුව ඇතුළු විවිධ චෝදනා මත අඩියාලා බන්ධනාගාරයේ සිරගත කර සිටියි.

මෙම සිදුවීම ක්‍රීඩාංගණයේ සිටි බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ජංගම දුරකථනවල සටහන්ව තිබු අතර, මේ වනවිට එය සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

ගුවන් යානය සහ බැනරය හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් විය හැකි නමුත්, ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.