ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ

ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමතිගේ සිරුරු සොයා ගැනේ

අයහපත් කාලගුණය තත්ත්වය හමුවේ හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනාධිපතිගේ සහ එරට විදේශ ඇමතිගේ සිරුරු අනතුර සිදු වූ ස්ථානයෙන් සොයාගැනීමට මුදවා ගැනීමේ කණ්ඩායම්වලට හැකිවූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම, හෙලිකොප්ටරයේ සිටි අනෙක් පුද්ගලයින්ගේ සිරුරු ද මේ වනවිට සොයාගෙන ඇති බවයි, ඉරාන රතු කුරුස සංවිධානයේ ප්‍රධානියා නිවේදනය කර ඇත්තේ.

ඒ, අනුව සෝදිසි මෙහෙයුම් අවසන් කර ඇති බව ද ඔහු රාජ්‍ය රූපවාහිනියට ප්‍රකාශ කර තිබේ.