බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව

බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව

බංග්ලාදේශයේ දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති, අලි ඇතුන් හීලෑ කරමින් ඔවුන්ව වහල්භාවයේ තබා ගැනීම තහනම් කරමින් බංග්ලාදේශයේ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත්කර තිබේ.

ඒ, අනුව අලි ඇතුන් හදාවඩා ගැනීම සඳහා නිකුත්කර තිබූ සියලුම බලපත්‍ර බංග්ලාදේශ මහාධිකරණය විසින් අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ වනයේ සිටින අලි ඇතුන් තවදුරටත් අල්ලා වහල්භාවයට ගැනීමට නොහැකි වනු ඇති.

බංග්ලාදේශයේ මේ වන විට සිටින අලි ඇතුන් සංඛ්‍යාව 200ක් වන අතර එයින් අඩක් පමණ වහල්භාවයේ ජීවත්වන බවයි, අනාවරණය වී ඇත්තේ
.
එම සතුන්ගෙන් බහුතරයක් සර්කස්, වීදි සංදර්ශන සඳහා හෝ සිඟමන් යැදීම සඳහා යොදාගෙන ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

බොහෝ විට අලි පැටවුන් මවගෙන් වෙන් කර මාස ගණන් විලංගු දමා වධ හිංසා පමුණුවා හීලෑ කර ඇති බැවින් එම අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමට බලාපොරොත්තු වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share This