ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයින තහනම් කෙරේ

ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයින තහනම් කෙරේ

ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළු වීම තහනම් කිරීමට මාලදිවයින් රජය තීරණය කර තිබේ.

මෙම පියවර ගෙන ඇත්තේ ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් මුස්ලිම් ජනයාගේ මහජන කෝපය ඉහළයෑම සැලකිල්ලට ගනිමින් බවයි පැවසෙන්නේ.

ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය දැනට මාලදිවයිනේ රැඳී සිටින ඊශ්‍රායල පුරවැසියන්ට මාලදිවයිනෙන් ඉවත්වන දැනම් දී තිබෙනවා.

ඒ ඊයේ(02) ඊශ්‍රායල ජාතිකයින්ට ඇතුළුවීම තහනම් කිරීම සඳහා නීති සංශෝධනය කිරීමට මාලදිවයින් රජය තීරණය කිරීමත් සමගයි

ඊශ්‍රායල පුරවැසියන් වෙනත් රටකින් දෙවන විදේශ ගමන් බලපත්‍රයක් අතැතිව සිටියත්, මුස්ලිම් බහුතරයක් සිටින මාලදිවයිනට ගමන් කිරීමෙන් වළකින ලෙසයි ඊශ්‍රායලය දැනුම් දෙන්නේ.

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර උපුටා දක්වමින් මාලදිවයිනේ ජනතාවගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වමින් මාලදිවයිනේ කැබිනට් රැස්වීමේදී ඊශ්‍රායල ජාතිකයින්ට රටට ඇතුළුවීම මෙලෙස තහනම් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මාලදිවයින් මාධ්‍ය පැවසුවේ මාලදිවයිනට වාර්ෂිකව සංචාරකයින් මිලියනයකට වඩා පැමිණෙන අතර ඉන් ඇස්තමේන්තුගත සංචාරකයින් 15,000ක් පමණ ඊශ්‍රායලයෙන් පැමිණෙන බවයි.