ලංකා IOC සහ සිනොපෙක් ඉන්ධන මිලත් පහළට

ලංකා IOC සහ සිනොපෙක් ඉන්ධන මිලත් පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනය කළ පරිදි ලංකා අයි ඕ සී සමාගම  සහ සිනොපෙක් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 311ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු කර නැහැ.

ඒ අනුව එම පෙට්‍රල් ලීටරයක් රුපියල් 377කට තවදුරටත් අලෙවි වනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 283ක් වන අතර ලංකා සුපර් ඩීසල් ලීටරයක මිලද රුපියල් 33කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 319ක්.

ලංකා භූමිතෙල් ලීටරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 19කින්.

එහි නව මිල රුපියල් 183ක් වනවා.