රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක්

රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

මතුව ඇති හිඟය හේතුවෙන් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් ඉන්සියුලින් ආනයනයට පියවර ගනිමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා පැවසීය.

ඔහු පෙන්වා දුන්නේ හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බවයි.

ලබන සැප්තැම්බර් මාසයේදී එම තොග මෙරටට ලැබීමට නියමිතය.

මේ වනවිට රජයේ ඖෂධ සැපයුම් අංශයේ ඉන්සියුලින් තොග අවසන් වී ඇති අතර දියවැඩියා රෝගීන් රැසක් සිය ජීවිතය පවත්වාගෙන යන්නේ රෝහල් සායනවලින් ලබා දෙන ඉන්සියුලින් එන්නත් කර ගැනීමෙනි.

මෙම හිඟයත් සමග රෝහල් සායනවලින් ඉන්සියුලින් නිකුත් කිරීමට දැඩි බාධා මතුව පවති.

Share This