මිතුරාගේ පොලු පහරින් අනෙක් මිතුරා මරුට

මිතුරාගේ පොලු පහරින් අනෙක් මිතුරා මරුට

ඊයේ රාත්‍රී හතයි තිහට පමණ හෝකන්දර හොර හේන ප්‍රදේශයේදී නිවසකදි පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකුට පොලු පහරක් එල්ල කිරීම හේතුවෙන් අතුරුගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු විසි හයක් වූ හොකන්දර හොරහේන පාර ලදුබිම පෙදෙස පදිංචි විවාහක පුද්ගලයෙක්

පහර දුන් පුද්ගලයාද අද උදෑසන අතුරුගිරිය පොලිසිය විසින් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා

පහර දුන් මෙම පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත වී සිට දින දහයකට පෙර නිදහස් වී ආ පුද්ගලයෙකු බවයි අතුරුගිරිය පොලිසිය සඳහන් කළේ

මොවුන් දෙදෙනා මිතුරන් වන අතර දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුවී ඇති බවට පොලිසිය සැක කරන බවයි පැවසෙන්නේ.

නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් (සොකො) ස්ථානීය පරීක්ෂණය අද පෙරවරුවේ සිදු කරා.

මෙම ඝාතනය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරයි

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි